01

විස්සයි විස්ස ශ්‍රව්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ලෝක ශුරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

පළමු වතාවට සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවර දී පැවැත්විණි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුභපැතුම් පිළිගැන්වූ අතර තරගාවලියට සහභාගීවීමට පෙර ජනාධිපතිතුමා විසින් එම ක්‍රිකට් කණ්ඩායමට මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ද කටයුතු කර තිබිණි.

ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපතිනි අනුලා රංජනී, පුහුණුකරුවන් වන ජයලත් අපොන්සු, තුෂාන්ත ගුණරත්න යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය