1 (16)

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ශී‍්‍ර ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.ශ‍්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය සිය ගැටළු කිහිපයක් පිළිබද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළ අතර එම ගැටළු සහ ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබද යෝ්ජනා ඇතුළත් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ශී‍්‍ර ලංකා ආගමන හා විගමන සේවාව සදහා වූ සේවා ව්‍යාවස්ථාව, ආගමන හා විගමන නියාමන සේවය, බලයලත් නිලධාරින් බදවා ගැනීම හා උසස්වීම් ලබාදීම, විදේශීය දුත මණ්ඩලවලට බලයලත් නිලධාරින් අනුයුක්ත කිරීම, පුහුණු හා සංවර්ධන අවස්ථා ඵලදායිව භාවිතා කිරීම ආදි කරුණු පිළිබද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරිනි.

ශී‍්‍ර ලංකා ආගමන හා විගමන සේවය තවදුරටත් සංවර්ධනය කිරිම උදෙසා යෝජනා කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.

අමාත්‍ය එස්.බී. නාවින්න, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් එම්.එන්. රණසිංහ, ආයතන අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ඞී. සෝමදාස යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.
2 (17)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය