thirasara new

දැක්ම

“ප්‍රතිඵල ඉලක්ක කර ගත් රාජ්‍ය සේවාවක් මගින් තිරසර සංවර්ධනයක්”

මෙහෙවර

කාලෝචිත, විශ්වසනීය සහ මධ්‍යස්ථ සාක්ෂි මත පදනම්ව, රාජ්‍ය ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘතිවල අදාළත්වය, අරමුණ සපුරා ගැනීම, බලපෑම සහ තිරසරභාවය නිශ්චය කිරීම සඳහා සහාය වීම.

ක්‍රියාකාරකම් 

  1. ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් හඳුන්වාදීම.
  2. සංවර්ධන ඇගයීම් නිර්නායක පද්ධතියක් හඳුන්වාදීම.
  3. ජාතික සංවර්ධන ඇගයීම් ක්‍රියාවලියක් බිහි කිරීම.
  4. ඇගයීම් තොරතුරු පද්ධතියක් හඳුන්වා දීම.
  5. ඇගයීම් නිරීක්ෂණ පදනම් කරගෙන රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘතිවල කාර්යක්ෂමතාවය සහ තිරසර බව වර්ධනය කිරීම සඳහා නිර්දේශ ලබා දීම.


සංවර්ධන ප්‍රතිඵල ඇගයීම යනු:

කාර්යක්ෂමතාව, ඵලදායීතාව, අරමුණු සාක්ෂාත් කර ගැනීම, බලපෑම සහ තිරසරභාවය කේන්ද්‍ර කර ගනිමින් රජයේ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති, ඒවායේ සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම සහ අපේෂක්ෂිත ප්‍රතිලාභ පිළිබඳව සිදු කරන විධිමත් සහ වාස්තවික තක්සේරුවයි.