01 (26)

සංවර්ධන නිලධාරින්ගේ සංගමය හා නිදහස් උපාධිධාරී සංගමය අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.උසස්වීම් ලබාගැනීමේදී මතුව ඇති ගැටලූ සහ සිය වෘත්තීය ගැටලූ පිළිබදව මෙම නියෝජිතයින් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඒ පිළිබද අවධානය යොමු කළ ජනාධිපතිතුමා ගත හැකි ඉදිරි පියවර පිළිබද අදාළ පාර්ශව සමග සාකච්ජා කරන බව කියා සිටියේය.

එමෙන්ම රට ගොඩනැගීමට වත්මන් රජය කි‍්‍රයාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළට තම දැනුම සහ හැකියාව තුළින් සහය ලබාදීමට තමන් කැමැත්තෙන් සිටින බව ද මෙම සංගම් නියෝජිතයින් වැඩිදුරටත් සදහන් කළහ. සංවර්ධන නිළධාරි සංගමයේ සහ නිදහස් උපාධිධාරී සංගමයේ සභාපතිවරු, ලේකම්වරු ඇතුළු නියෝජිතයින් සාකච්ජාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය