02

තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන ස්මාර්ට් ශී‍්‍ර ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු මොනරාගල දිස්ති‍්‍රක් වෘත්තීය මාර්ගෝපදේශන ම්‍යස්ථානය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (06) දහවල් විවෘත කෙරිණි.

ශ‍්‍රී ලංකාවේ විරැකියා ගැටලූවට ස්ථීරසාර විසඳුමක් ලබාදෙමින් සියලූ රැකියා පුහුණු හා සම්පත් මධ්‍යස්ථාන ඒකරාශි කොට දියුණු තාක්ෂණික ක‍්‍රමවේදයක් ඔස්සේ ව්‍යවසායකයන් බිහිකිරීම හා රැකියා පිරිනැමීමේ අරමුණ පෙරදැරිව ගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ ස්මාර්ට් ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය කි‍්‍රයාත්මක වෙයි.

තරුණ තරුණියන්ට තමන් තෝරාගත් වෘත්තිය මාර්ගයක සාර්ථක ගමනකට අවස්ථාවක් සලසාදීම, ව්‍යවසායකත්ව අවස්ථා, රැකියා බැංකු ඇතුළු ජාලගත වෘත්තීය තොරතුරු සේවාවක් සැපයීම, පෞද්ගලිකව වෘත්තීය මාර්ගෝපදේශකයන් හමුවීමට අවස්ථාව, වෘත්තීය මාර්ගෝපදේශන සේවාව ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීම හා රටපුරා පැතිරුණු වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලයක් ගොඩනැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මුල්කරගත් තිරසර සංවර්ධන වැඩසටහන සහ තිරසර ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙත තාරුණ්‍යය යොමු කිරීම ද, තරුණ පරපුර අතරින් විරැකියාව තුරන් කිරීම, ස්වභාවික සම්පත් නිසි කළමනාකරණකින් යුතුව භාවිතා කළ හැකි නව කාර්මාන්ත හා ආයෝජන ඔවුන් වෙත හඳුන්වාදම වැනි ගෝලීය ඉලක්ක ද මේ මගින් සපුරා ගැනේ.

මොනරාගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාබදව ඉදිකෙරුණු ස්මාර්ට් ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන මොනරාගල දිස්ති‍්‍රක් කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වෙමින් තරුණ තරුණියන් සමඟ සුහද කතා බහක නිරත විය.

අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ, රවින්ද්‍ර සමරවීර යන මහත්වරුන් ද ස්මාර්ට් ශ‍්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල් එරික් ප‍්‍රසන්න වීරවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර මොනරාගල මහ රෝහල වෙත රුපියල් ලක්ෂ 100ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප‍්‍රදාන කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (06) සිදු විය.

ජනාධිපති අරමුදලේ 40වන සංවත්සරය නිමිත්තෙන් මෙම වෛද්‍ය උපකරණ ප‍්‍රදානය සිදුවූ අතර ජනාධිපතිතුමා විසින් නිල වශයෙන් එම වෛද්‍ය උපකරණ රෝහල් අධිකාරි ආර්.එම්.ඞී. රත්නායක මහතා වෙත භාර දෙනු ලැබීය.

ජනාධිපති අරමුදලේ ලේකම් ඞී.එන්. නානායක්කාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

01

03

04

05

06

07

මොනරාගල මහ රෝහල වෙත රුපියල් ලක්ෂ 100ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප‍්‍රදාන කිරීම.

01

02

03

04

05

06

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය