1

සෑම පවුලක්ම මතින් නිදහස් පවුලක් බවට පත් කිරීමට මව්වරුන් නායකත්වය ගතයුතු බව ජනාධිපතිතුමා පවසයි.පවුල් සංස්ථාවක අනාගතය සමෘද්ධිමත් සහ සුබවාදී කිරීමට තිබෙන ප‍්‍රධානම බාධාව මත්ද්‍රව්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම අභියෝගයෙන් තම පවුලත්, සමාජයත් ගලවා ගනිමින් නිරෝගීමත් ජාතියක් ගොඩනැගීමට නායකත්වය ගන්නා මෙන් තමා සියලූ මව්වරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ප‍්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (02) පෙරවරුවේ ගාල්ල, ලබදුව සිරිධම්ම විද්‍යාලයීය කි‍්‍රඩාංගණයේ පැවති දකුණු පළාත් මව් සෞඛ්‍ය සමාජ වැඩසටහනේ ගාල්ල දිස්ති‍්‍රක් සම්මේලනය අමතමිනි.නිරෝගී, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් දක්ෂිණ දේශය තුළ බිහි කිරීමේ අරමුණින් දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සිල්වා මහතාගේ සංකල්පයක් අනුව වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

දකුණු පළාත තුළ බෝවන සහ බෝ නොවන රෝග ව්‍යාප්තිය අවම කිරීම හා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම, ළදරු හා ගර්භනී මව්වරුන්ගේ පෝෂණය පිළිබද අවබෝධයක් ජනතාව තුළ ඇති කිරීම, ළදරු මරණ අනුපාතය අවම කිරීම. යහපත් චර්යා රටා සදහා ජනතාව නැඹුරු කරවීම, පරිසර සංරක්ෂණය වෙනුවෙන් දායකත්වය ලබා ගැනීම, රෝහල් ගතවන රෝගින් සංඛ්‍යාව අවම කර සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වියදම් අවම කර ගැනීම යන අරමුණු පෙරදැරිව වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.දකුණු පළාත තුළ ව්‍යාප්තව ඇති මව් සෞඛ්‍ය සමාජ තවදුරටත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සියලූ කාර්ය මණ්ඩලවල සහය ඇතිව වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.
ජාතික වැදගත්කමක් සහිත මෙම වැඩසටහන දිවයිනේ අනෙකුත් පළාත්වල ද කි‍්‍රයාත්මකවීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද සියලූ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්ගෙන් සහ මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. දකුණු පළාත් මව් සමාජවල නියෝජිතයන් වෙත නිල ඇදුම් ලබාදීම සංකේතවත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.ජනාධිපතිතුමා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

ගාල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කරන මැති ඇමතිවරු රැුසක් ද දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුථ පළාත් මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

5

4

3

2

6

11

10

8

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය