Presidential Media Unit Default Banner

සිනමා කර්මාන්තයේ සහ ටෙලි නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීමට එම ක්ෂේත‍්‍රවල සියලූ අංශ නියෝජනය වන පරිදි කමිටු පත්කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දෙයි.

ඊයේ (01) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණු කලා කටයුතු සම්බන්ධ විද්වත් කමිටු සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදෙනු ලැබීය.

සාහිත්‍ය, වේදිකා නාට්‍ය, රූපවාහිනි නාට්‍ය, සිනමාව, ගුවන්විදුලි මාධ්‍ය, නර්තනය ඇතුළු සමස්ථ කලා කටයුතු වෙනුවෙන් ඉටුකළයුතු කාර්යභාරයන් පිළිබඳ ක‍්‍රමවත් සැලැස්මක් සම්පාදනය කිරීමට විද්වත් අදහස් ලබා ගැනීම සඳහා වන සාකච්ඡා මාලාවේ තුන්වන අදියර මෙයයි.

අදාළ ක්ෂේත‍්‍රවල පැනනැගී තිබෙන ගැටලූ සහ ඒවා විසඳීම සඳහා කි‍්‍රයාත්මක කළයුතු වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

සිනමා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීම සඳහා වූ කමිටුව පත් කිරීමට මෙහිදී ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිවරයා වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා ටෙලි නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීමේ කමිටුව පත් කිරීමට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත උපදෙස් දුන්නේය.

එමෙන්ම සියලූදෙනාගේ එකඟතාවයෙන් මාධ්‍ය බලකායක් පිහිටුවීම සඳහා කමිටුවක් පත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

මෙම සියලූ කමිටුවල යෝජනා හා වාර්තා ඉතා කඩිනමින් සකස් කිරීමටත්, සති දෙකකට වරක් මෙම කමිටු රැස්වී සාකච්ඡා කිරීමටත් මෙහිදී තීරණය විය.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගයවන්න, රන්ජන් රාමනායක යන මහත්වරුන් සහ කලාකරුවන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය