02

අදට යෙදී ඇති ලෝක වනජීවි දිනය නිමිත්තෙන් මෙරට වනජීවි සංරක්ෂණය වෙනුවෙන් කැපවූ පුද්ගලයන් සහ නිලධාරින් ඇගයීම හා ඔවුන්ට සම්මාන ප්‍රදානය වෙනුවෙන් තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද “සේවා ප්‍රසාදනී අභිසෙස් උළෙල” ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

අතිවිශිෂ්ට පූර්ණ සේවා සම්මාන 10 ක් මෙහිදී ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනි සුමේධා ජී. ජයසේන, අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.බී.ඩී. මීගස්මුල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

03

04

05

06

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය