3

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික තත්ත්ව සම්මාන උළෙල – 2016 අද (27) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්විණි.

වර්තමාන ලෝකයේ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා සියලූ කාර්යයන්හි හා සැලසුම් හි තත්වය හා ප්‍රමිතිය පිළිබඳ අවධානය යොමුකළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

තිරසර සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය තුළ කටයුතු කිරීමේදී සියලූ දෙනාට පුළුල් කාර්යභාරයක් හා වගකීම් රැසක් පැවරෙන බවත් එහිදී එම කාර්යයන්වල ප්‍රමිතිය හා තත්වයන් පිළිබඳ අවධානය යොමුකළ යුතු බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදුකරන මෙම කාර්යය කාලීනව වඩාත් යෝග්‍ය බව පෙන්වා දෙමින් එය අගය කළ ජනාධිපතිතුමා මෙවැනි කාර්යයන් ඉදිරියටත් සිදුකිරීමට රජයේ උපරිම සහය ලබාදෙන බවද කියා සිටියේය.

ඉහළ ප්‍රමිතිගත සේවාවක් සපයන ලද මධ්‍ය පරිමාණ හා මහපරිමාණ නිෂ්පාදන හා සේවා වෙනුවෙන් ජයග්‍රාහක ආයතන වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න, සබරගමු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන හා අධ්‍යක්ෂජනරාල් ගාමිණි ධර්මවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

4

2

1

9

8

7

6

5

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය