04

2020 වන විට ආණ්ඩුවේ අය වැය සැකසීමේදී සුරාබදු ආදායම ඉවත්කිරීමේ සංවර්ධන ඉලක්ක ඇති කිරීම තම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිතුමා පවසයි.

සුරාබදු ආදායම නොමැතිව වාර්ෂික අය වැය පියවා ගත නොහැකි බවට පසුගිය දශක කීිිපය පුරා රට තුළ පැවති මතය මේ රට දැවැන්ත ජාතික ව්‍යසනයක් කරා ගෙන ගිය බවද එබැවින් සුරාබදු ආදායම ඉවත් කර භාණ්ඩාගාරය ශක්තිමක් කිරීම තම රජයේ වගකීමක් සේ සළකා කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

ගරු  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ,මතින් නිදහස් රටක්, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ  වැඩසටහන සහ මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවයට අද (09) පෙරවරුවේ  ජා-ඇල නගර සභා ක්‍රිඩාංගණයේදී එක්වෙමිනි. මෙම වැඩසටහන ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා ඇත.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නීති විරෝධී මත්ද්‍රව්‍යවලින් දේශපාලනඥයින්  සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ඉතා අත්‍යාවශ්‍ය දෙයක් බවයි.

නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්වල කිසියම් දේශපාලනඥයෙක් නිරතවනවා නම් සහ ඉදිරියේදී නිරත වුවහොත් පක්ෂ, පාට, තරාතිරම නොබලා ඔහුට එරෙහිව ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය මර්ධනය, පාලනය සහ නිවාරණය සදහා පවතින නීති රීති ශක්තිමත් කරමින් මතින් නිදහස් රටක් ගොඩනැගිමට ඉදිරියේදී කි්‍රයාත්මක කරන ජාතික වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා සෑම කෙනෙකුගේම සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

මෙම වැඩපිළිවෙලේදී මහා සංඝරත්නය ප්‍රමුඛ ගෞරවනීය පුජකතුමන්ලාගේ සහාය අපේක්ෂා කරන අතර සියලූ  දේශපාලනඥයින්ට වගකීම් පවරන බව පැවසූ ජනාධිපතිතුමා සියලූ අමාත්‍යාංශ සංස්ථා හා දෙපාර්තමේන්තුවල මත්ද්‍රව්‍ය මර්ධනය නිවාරණය සහ පාලනය සම්බන්ධයෙන් කුඩා ඒකක ස්ථාපිත කර රාජ්‍ය නිළධාරින්ටද වගකීම් පවරන බව ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ සදහා රාජ්‍ය නොවන සහ පෞද්ගලික අංශවල සහායද අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිතුමා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සෑම පාසල් දරුවෙකුගේම දායකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද පණිවිඩය සමාජයට ගෙන යාමේ වැඩපිළිවෙලක් කි්‍රයාත්මක කරන බවද පැවසීය.

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද, අන්‍යාගමික පූජකවරුන්ද අමාත්‍යවරුන් වන  ජෝශප් මයිකල් පෙරේරා, ඒ.එච්.එම් ෆවුසි, රාජිත සේනාරත්න, ජෝන් අමරතුංග, ෆිලික්ස් පෙරේරා, පණ්ඩු  බණ්ඩාරනායක, නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

11 09 08 07 02 01

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය