3 (7)

60 වසරක රුසියානු – ශී‍්‍ර ලංකා ද්වී පාර්ශ්වික සබදතාවල නව පිටුවක් පෙරළමින් ඉදිරි සියවස සදහා එය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට දෙරට අතර මිත‍්‍රත්වය සහ සුහදතාවය වර්ධනය කර ගැනීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (24) රුසියාවේ මොස්කව් නුවර ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේදී රුසියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකයින් සමග පැවති හමුවකදී ය.

රුසියාවේ විවිධ ක්ෂේත‍්‍රවල සේවය කරන වෘත්තිකයින්, අධ්‍යාපනය ලබන සිසුන්, ව්‍යාපාරික ප‍්‍රජාව ඇතුළු ක්ෂේත‍්‍ර කිහිපයක ශී‍්‍ර ලාංකිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ තම රුසියානු සංචාරය වත්මන් රජය ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්තිවල තිබෙන පැහැදිළිතාවය සහ ශක්තිමත් බව ජාත්‍යන්තර වශයෙන් තහවුරු කළ සුවිශේෂී අවස්ථාවක් බවයි.තමන් සහ තම රජය බටහිරට පමණක් බරවූ ආණ්ඩුවක් බවට අද ඇතැමුන් විවිධ විවේචන එල්ල කරන අතර එම සියලූ විවේචන තමා සෑම අවස්ථාවකදීම ප‍්‍රතික්ෂේප කරන බව පැවසූ ජනාධිපතිතුමා මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තිය තුළ ලෝකයේ සෑම රාජ්‍යයක්ම අද ශී‍්‍ර ලංකාවේ මිත‍්‍ර රාජ්‍යයන් බවට පත්ව ඇති බව ද කියා සිටියේය.

මෙම යුගය ශී‍්‍ර ලංකාවේ අන්තර්ජාතික සහයෝගීතාවය දශක ගණනාවකින් ඉදිරියට පැමිණි යුගයක් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එම සබදතාවය උතුර ද, දකුණ ද, බටහිර ද කියා ගැටලූවක් නොමැති බවත් සියලූ රටවල් සමග මිත‍්‍රශිලිත්වය ගොඩනගාගනිමින් එම සියලූදෙනාගෙන් ශී‍්‍ර ලංකාවට අවශ්‍ය සහය ලබාගනිමින් සිටින බවත් පැවසීය.රුසියානු ජනාධිපති වැල්ඞ්මීර් පුටින් මහතාගේ නිල ආරාධනය පරිදි සිදු කළ මෙම සංචාරයේදී රුසියානු ජනාධිපතිවරයාගෙන් හිමි වූ උණුසුම් පිළිගැනීම හා සාර්ථික ද්වි පාර්ශ්වික සාකච්ජා පිළිබද මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා – රුසියානු 60 වසරක අතීත මතක සටහන් සමග ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය වූ අධ්‍යාපන, කෘෂිකර්ම, සංචාරක, කර්මාන්ත, බලශක්ති මෙන්ම ජාතික ආරක්ෂාව මෙන්ම අන්තර්ජාතික වශයෙන් කලාපීය ආරක්ෂාව යන මෙම සියලූ කරුණු සම්බන්ධයෙන් පැය 02 කට අධික කාලයක් රුසියානු ජනාධිපතිවරයාගේ පෞද්ගලික අවධානය යොමු කරමින් සංවාදයේ යෙදුණු බව ද ප‍්‍රකාශ කළේය.රුසියාව මෙතෙක් ශී‍්‍ර ලංකාවට ලබාදී ඇති සහය ද මෙහිදී කෘතවේදීව අගය කළ ජනාධිපතිතුමා වසර 43 කට පසු තම සංචාරය තුළින් ශක්තිමත් වන දෙරටේ ද්වි පාර්ශ්වික සබදතාවලින් ලැබෙන ප‍්‍රතිලාභ මාතෘ භූමියේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් ඉතා විධිමත් සහ සැලසුම්ගත අයුරින් භාවිතා කරන බව ද ප‍්‍රකාශ කළේය.

අමාත්‍යවරුන්වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් පේ‍්‍රමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද රුසියාවේ ශී‍්‍ර ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
1 (8)

2 (10)

4 (9)

6 (9)

5 (8)

7 (6)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය