03

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරතව අත්අඩංගුවට පත් වූ ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. පසුගිය මාර්තු මස 21 වෙනිදා මොවුන් නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වන විට බෝට්ටු 10 ක් සමග පැමිණ ධීවර කර්මාන්තයේ නිරතව සිට ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පසුගිය…

PC Romesh de Silva Mar 25

නීති කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පත් කෙරේ. ඒ මහතා අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. එම අවස්ථාවට, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් යන මහත්වරුන් එක්ව සිටියහ.

flag

සියලූම පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අද සිට වහාම ක්‍රියාත්මකවන න පරිදි අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දුන්නේ ය. පොලිස් දෙපාර්තමේන්තුවේ සියලූම නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් ජනාධිපති ලේකම්, නීතිය හා සාමය පිළිබ`ද අමාත්‍යාංශයේ ලේකම් හා පොලිස්පතිවරයා යන තිදෙනා නියෝජනය කරන ත්‍රිපුද්ගල කමිටුවකින් පමණක් මින් ඉදිරියට සිදූ කිරීමටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේය.

Gen Sarath Fonseka Mar 22

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා, ශ්‍රී ලංකාවේ උසස්ම හමුදා නිලය වන ෆීල්ඞ් මාර්ෂල් නිලයට උසස් කිරීම, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් අද (22) සිදු කෙරුණි. මේ නිමිත්තෙන් වූ නිල උත්සවය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 2009 වසරේදී එල්.ටී.ටී.ඊ.ය පරාජය කරවීමට යුද හමුදාව මෙහෙයවන ලැබුවේ එවකට හමුදාපතිව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා…

Cabinet Expansion Mar 22

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව කැබිනට් අමාත්‍යවරු 11 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 05 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.’   කැබිනට් අමාත්‍යවරු 01- ඒ.එච්.එම්. ෆවුසි මහතා – ආපදා කළමනාකරණ අමාත්‍ය 02- එස්.බී නාවින්න මහතා – කම්කරු…

Uththama Pooja Mar 21

දේශපාලන නායකත්වය සහ රජයක් ලෙස ජනතාවට පහසුකම් ලබාදීම සඳහා ආරම්භ කරන සියලූ වැඩසටහන් ප්‍රායෝගික අන්දමින් ක්‍රියාවට නංවා එම පහසුකම් නිසි ලෙස ජනතාව අතට පත් කිරීම රාජ්‍ය සේවකයින්ගේ වගකීම බව ජනාධිපතිතුමා පැවසීය. රජය ලබාදෙන එම පහසුකම් කලට වේලාවට ලබාදීම මෙන්ම නිසි ප්‍රමිතියකින් යුතුව ඒවා ජනතාව අතට පත් කිරීම ඉතා වැදගත් බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජනාධිපති මෛත්‍රීපාල…

Vietnam March 19

ශ්‍රී ලංකාවත් – වියට්නාමයත් අතර පවතින අධ්‍යාපන, සංචාරක සහ සමාජයීය සබඳතා ඉදිරියේ දී වඩාත් පුථල් කර ගැනීමට වියට්නාමය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ සිටින වියට්නාම තානාපතිනි ෆාන් කිව් තු ප්‍රකාශ කළාය. වියට්නාම තානාපතිනිය අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළාය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් වියට්නාම…

Swiss FM Mar 17 1

ශ්‍රි ලංකාවේ නිල සංචාරයක් සදහා පැමිණි ස්විස්ටර්ලන්තයේ හිටපු ජනාධිපතිවරයා වන දැනට විදේශ ඇමති පදවිය දරණ Didier Burkhalter මහතා අද (17) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත්. පී. පෙරේරා, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර් යන මහත් මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. (ඡායාරූප – සුදත්…

Drug Prevention March 16

සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝනය කරමින් නීති විරෝධි ලෙස දිවයින පුරා පාසල්, විහාරස්ථාන සහ ආගමික ස්ථානවලට මීටර් 500 ක් ඇතුළත පවත්වාගෙන යන සුරාසල්වල බලපත්‍ර වහාම අවලංගු කර එම සුරාසල් වසාදැමීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ…

10896864_933451550007175_6698884529832400042_n

ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම උදෙසා ක්‍රියාත්මක වැඩපිළිවෙලේදී අවශ්‍ය ඕනෑම ක්ෂේත්‍රයක ආධාර ශ්‍රී ලංකාව වෙත නොපැකිළිව ලබාදීමට මහා බ්‍රිතාන්‍ය සූදානම් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැවසීය. අංක 10, ඩවුන් වීදිය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිළ නිවසේදී අද පස්වරුවේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් සමග පැවති නිල හමුවේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය….

Page 309 of 314 1 307 308 309 310 311 314

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය