13 (5)

යුරෝපා සංගමය GSP+ සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කිරීමත් සමග රජයට ලැබෙන කීර්තිය සහ ගෞරවය වැළැක්වීමට ඇතැමුන් අශීලාචාර අන්දමින් කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි. “යුරෝපා සංගමය GSP+ සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදුන්නේ මේ රටේ ෆෙඩරල් ක්‍රමයක් ඇතිකිරීමේ පොරොන්දුව මත” බවට අද දින පළ වූ පුවත් පත් වාර්තාව පිළිබ`ද සිය කණගාටුව පළ කළ ජනාධිපතිතුමා ලබා දී ඇති මාධ්‍ය නිදහස වැරදි අයුරින් භාවිතා නොකර රටේ ජනතාවට නිවරැුදි සහ සත්‍ය තොරතුරු ලබාදීමේ වගකීම ඉටුකරන ලෙස තමා නැවත නැවතත් ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව කියා සිටියේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ගාල්ල ලබුදුව සිරිධම්ම විද්‍යාලයේ පැවති නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ ගාල්ල දිස්ත්‍රික් සමාප්ති උත්සවයෙන් අනතුරුව පැවැත්වුණු ආගමික සංහිදියාව තහවුරු කිරිමේ වැඩසටහනට එක්වෙමිනි. මෙම උත්සාහය රට ෆෙඩරල් කිරීමටවත්, කැඞීමට හෝ බිදීමටවත් නොව නැවත යුද්ධයක් ඇතිවීම වළක්වා ජාතික සමගිය තහවුරු කර සාධාරණ සමාජයක් ගොඩනගා ලෝකයේ පිළිගත් ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස අපේ රට ලෝකය හමුවට ගෙනයාම බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය. මේ රටේ ජනතාව විසින් තමා ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගන්නා විට රටේ ඉදිරි ගමනට බොහෝ බාධා එල්ලවී තිබූ බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා තමන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව රටේ වගකීම භාරගැනීමෙන් අනතුරුව එම ප්‍රශ්න සියල්ල විසදමින් සියලූ විදේශ රටවල් සමග මිත්‍රශිලිත්වය ගොඩනගා ගනිමින් සංවර්ධන සහ ආර්ථික වැඩපිලිවෙළ ඉදිරියට ගෙන යන බව ප්‍රකාශ කළේය.

රටට විදේශ ආයෝජන ගෙන එන විට රට විකුණන බවට ඇතැමුන් සටන් පාඨ ඉදිරිපත් කරන අතර වසර දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන අපේ උතුම් මාතෘභූමියේ වටිනාකම මැනවින් හදුනාගත් රජයක් ලෙස භූමියේ සුරක්ෂිතතාවය සහ පෝෂණය වෙනුවෙන් රජය නිරන්තරයෙන් කැපවී සිටින බවද ප්‍රකාශ කළේය. “ආගමික සහජීවනය ඇතිකිරීම උදෙසා තිරසර යුගයක තෙවසර ඇරඹුම” නිල මෙහෙවර තේමාව යටතේ පැවැත්වුණු මෙම වැඩසටහනේදී මහා සංඝරත්නය උදෙසා චීවර දහසක් පූජා කිරීම, ආගමික සිද්ධස්ථාන සංවර්ධනය උදෙසා ස්ථාවර ගිණුම් සහතික පත් සහ ඔප්පු ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

04 (9) 06 (8) 07 (7) 09 (6)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය