01 (8)

මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සහ අපනයන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී හැරවුමක් සනිටුහන් කරමින් සෘජු සහනය ලබන සතියේ දී ස්ථීරවම ශී‍්‍ර ලංකාවට ලැබෙනු ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර, හල්ඔථව, දොඩංවල පාලම ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට අද (07) පෙරවරුවේ එක් වෙමිනි.

රටක් ලෙස ඉදිරියට යාමට තිබූ බොහෝ බාධාවන් ඉවත් කර ගනිමින් සියලූ රාජ්‍යයන් සමග මිත‍්‍රශීලිත්වයක් ගොඩනගාගැනීමට ඉකුත් දෙවසර තුළ වත්මන් රජයට හැකිවූ බව පැවසූ ජනාධිපතිතුමා එහි ප‍්‍රතිලාභ දැන් මාතෘභූමියට ලැබෙමින් තිබෙන බව ද කියා සිටියේය.

සංවර්ධනය පිළිබ`ද උදම් අනනවා සේම එම සංවර්ධනය සමග රටට ලැබුණු මහා ණය බර පිළිබදවද අවධානය යොමු කළයුතු බව පැවසූ ජනාධිපතිතුමා තවත් අතිවිශාල වශයෙන් ණය ලබාගනිමින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කර ජනපි‍්‍රයත්වයට පත්වීමට වත්මන් රජයට ද හැකි නමුත් මහා ණය සම්භාරයක් රටට උරුම කර දී රටේ අනාගතය අදුරු කිරීමට තම රජය කිසිසේත් සුදානම් නොමැති බවත්, මහා ණය බර සමග ලෝකයේ විවිධ රටවල්වලට මුහුණදීමට සිදු වූ ඛේදවාචකයන් අප සැළකිල්ලට ගත යුතු බවත් කියා සිටියේය.

හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය පිළිබද ඇතැමුන් ගෙන යන වැරදි ප‍්‍රචාර පිළිබදව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මේ රටේ බිම් අගලකවත් අයිතිය ලෝකයේ කිසිදු රටකට ලබාදීමට තමන් සූදානම් නොමැති බවයි.

කර්මාන්ත මෙන්ම නව ආයෝජන රටට අවශ්‍ය නමුත් ඒ සදහා ඉඩම් ලබාදෙන්නේ ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ නීතිරීතිවලට එකගව බව පැවසූ ජනාධිපතිතුමා ඇතැමුන් සදහන් කරන පරිදි ජනතාව ඔවුන් පදිංචි ගම්මානවලින් ඉවත් කිරීමට හෝ ඓතිහාසික වටිනාකම්වලින් යුත් වෙහෙර විහාරස්ථාන කඩා බිද දැමීමේ කිසිදු අකටයුත්තකට රජය ඉඩ තබා නොමැති බව ද කියා සිටියේය.

රටවල්, ව්‍යාපාරිකයින්, ආයෝජකයින් හෝ ජාත්‍යන්තර සංවිධාන සමග ඇතිකරගන්නා වූ සියලූ ගිවිසුම් ඇති කර ගන්නේ ඉතා විවෘත භාවයකින් බව පැවසූ ජනාධිපතිතුමා රටේ සංවර්ධනයට වත්මන් රජය ඉතා අවංකව කැපවී සිටින බව ද සදහන් කළේය.

ආණ්ඩු පෙරළන බවට ඇතැමුන් ප‍්‍රකාශ නිකුත් කළ ද වත්මන් ආණ්ඩුව වැට්ටීමට කිසිවෙකුට නොහැකි බවත් 2020 න් පසුව එන මැතිවරණයකදී නව ආණ්ඩුවක් පත් කරගතහොත් මිස ඊට පෙර ආණ්ඩුව පෙරළීමට කිසිවෙකුට, කිසිදු ඉඩක් නොමැති බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මහනුවර නගරයේ පවතින මාර්ග තදබදයට විසදුම් ලෙස ඉදිකෙරුණු මෙම පාලම මීටර් 105 ක දිගින් යුත් අතර මං තීරු දෙකකින් සමන්විතය. බි‍්‍රතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘති ආධාර යටතේ කි‍්‍රයාත්මක ප‍්‍රාදේශීය පාලම් වැඩඩසටහන යටතේ රුපියල් මිලියන 374 කට ආසන්න මුදලක් වැය කරමින් මෙම පාලම ඉදිකර තිබෙන අතර මාතලේ, කුරුණැගල වැනි ප‍්‍රදේශවලින් සහ මහනුවර අවට ප‍්‍රදේශවලින් පැමිණෙන වාහනවලට මහනුවර නගරය මගහැර තම ගමනා ගමන කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමට මෙම පාලම ඉදිකිරීමත් සමග හැකියාව ලැබෙනු ඇත.

අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඤාණරත්න නායක හිමිපාණන් වහන්සේ ද, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, අබ්දුල් හලීම්, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුථ ප‍්‍රදේශිය දේශපාලන නියෝජිතයින් රැසක් ද, බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා ඇතුථ විදේශ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

02 (8) 03 (7) 04 (6) 07 (3) 08 (5)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය