Meida-r-10-9

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.

රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ පැමිණිලි දුරකථන අංක

011-4354550 / 0114354655   ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.

එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධවිය නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඝෘජු දුරකථන අංක,

0112354354අමතා – දිගු අංක3872/ 3873/ 3874/ 3875ඔස්සේ සම්බන්ධ විය හැක.

කපිල ගුණසිංහ, අධ්‍යක්ෂ, මහජන සම්බන්ධතා අංශය දුරකථන අංක (077-3743718) අංකයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැක.

කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රිත දැනුම්දීම් සඳහා දුරකථන අංක

0112860003 / 0112860004විවෘතව තැබේ.

0112354354අමතා දිගු අංක3355ඔස්සේ ද එම තොරතුරු ඉදිරිපත් කළ හැක.

ජනතාව ලබාදෙන තොරතුරු අදාළ අංශ වෙත කඩිනමින් යොමු කිරීමට පියවර ගැනේ.

ජනාධිපතිතුමා දෙන නියෝග හා උපදෙස් ක්‍රියාත්මක නොවීම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ද සිදු කෙරේ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය